රජුගේ ආඥාව සහ නියෝගය ලැබුණු සියලු ප්රදේශවල ද නුවරවල ද සැම තැන්වල ද ජුදෙව්වරුන්ට ප්රීතිය සහ සන්තෝෂය ද මංගල භෝජනය ද උත්සවශ්රිය ද විය. දේශයේ ජනයා අතරෙන් බොහෝ දෙන ජුදෙව් දහම වැළඳ ගත්හ. මන්ද, ජුදෙව්වරුන් ගැන ජනයා බිය වූ හෙයිනි.