මේ කීම ඇසූ රජ ද අධිපතීහු ද සතුටට පත් වූ හ. රජ මෙමුකාන්ගේ දැනුමැතිකම අනුව කෙළේ ය. එක එක පුරුෂයා තම තමාගේ ගෘහයේ ස්වාමියා වන්නට හැකි වන පිණිස ඔහු අධිරාජ්‍යයේ සියලු ප්‍රදේශවලට ඒ ඒ ප්‍රදේශවල අකුරෙන් ද, එක එක ජාතියට ඒ ඒ ජාතියේ භාෂාවෙන් ද ලියා ඇරියේ ය.