එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පනත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.
2 සාමුවෙල් 7:14 - Sinhala New Revised Version 2018 මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි. Sinhala New Revised Version මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි. Sinhala Revised Old Version මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි; |
එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පනත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.
එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පනත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්,
මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,
ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇත. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහුගේ රාජ සිංහාසනය ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.
“උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි.
දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය. සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය.
ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.
මන්ද: “ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, “මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.
ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.