ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 5:25 - Sinhala New Revised Version 2018

දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ හැටියට කොට ගෙබාහි සිට ගෙසෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 5:25
9 හුවමාරු යොමු  

ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය.


දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය.


ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.


සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.


එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය.


එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ;


ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.


කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.


මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද