ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 3:22 - Sinhala New Revised Version 2018

ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 3:22
3 හුවමාරු යොමු  

එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ.


සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.


දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ.