ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 23:14 - Sinhala New Revised Version 2018

දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්-ලෙහෙම්හි සිටියාහ.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 23:14
11 හුවමාරු යොමු  

මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.


දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය.


බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය.


ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය.


පිලිස්තිවරුන්ගේ මුර හමුදාව මික්-මාෂ්හි කඳු පාරට ගියෝ ය.


සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය.


ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.


දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.


දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.