Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 24:22 - Sinhala New Revised Version 2018

22 දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 24:22
9 හුවමාරු යොමු  

ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.


එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය.


ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.


එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.


එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය.


දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.


එවිට සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්