2 සාමුවෙල් 22:15 - Sinhala New Revised Version 2018 එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක. Sinhala New Revised Version එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; විදුලිය එවා ඔවුන් පරාජයකළසේක. |
ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.
සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ.