2 සාමුවෙල් 22:12 - Sinhala New Revised Version 2018 එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක. ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක. Sinhala New Revised Version එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක. ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක. Sinhala Revised Old Version උන්වහන්සේ අන්ධකාරයද ජලරාශිය වන අහසේ ඝන වලාකුල්ද තමන් වටකොට මණ්ඩපයන් කරගත්සේක. |
රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?
විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.