ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 21:21 - Sinhala New Revised Version 2018

ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිග කී කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරීය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 21:21
11 හුවමාරු යොමු  

දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නො‍න්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි.


නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.


ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.


හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය.


ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;


දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය.


එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය.


තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය.


පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,