Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 17:10 - Sinhala New Revised Version 2018

10 තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:10
14 හුවමාරු යොමු  

ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.


ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!


සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,


එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්