2 සාමුවෙල් 2:10 - Sinhala New Revised Version 2018 සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය. Sinhala New Revised Version සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය. Sinhala Revised Old Version (සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්-ඉශ්‍රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යූදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය. |
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.
එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, “පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය.