Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:10 - Sinhala Revised Old Version

10 (සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්-ඉශ්‍රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යූදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:10
4 හුවමාරු යොමු  

තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.


දාවිත් හෙබ්‍රොන්හි යූදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.


තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්