එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.
2 සාමුවෙල් 14:31 - Sinhala New Revised Version 2018 එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, “ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. Sinhala New Revised Version එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, “ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. Sinhala Revised Old Version එවිට යෝවාබ් නැගිට අබ්සලොම් ළඟට ඔහුගේ ගෙදරට ඇවිත්: නුඹේ වැඩකාරයන් මාගේ කෙතට ගිනිතැබුවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය. |
එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.
අබ්සලොම් කතා කොට, “මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.