එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය.
2 සාමුවෙල් 14:30 - Sinhala New Revised Version 2018 එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ. Sinhala New Revised Version එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ. Sinhala Revised Old Version එබැවින් ඔහු තමාගේ වැඩකාරයන්ට කථාකොට: බලන්න, යෝවාබ්ගේ කෙත මගේ කෙත ළඟය, එහි ඔහුට යව ගොයම් තිබේ; නුඹලා ගොස් එය ගිනිලන්නැයි කීවේය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තිබුවෝය. |
එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය.
එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, “ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.
“ඈ පහළට හෙළන්නැ”යි ඔහු කී ය. ඔව්හු ඈ පහළට හෙළුවෝ ය. ඇගේ ලේවලින් මඳක් බිත්තියේත්, අශ්වයන් පිටත් ඉසිණි.
සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.