ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.
2 සාමුවෙල් 14:26 - Sinhala New Revised Version 2018 ඔහු තමාගේ හිස කෙස් අවුරුද්දෙන් අවුරුද්දට කැපුවේ ය. එසේ කෙළේ, ඔහුගේ කේශ කලාපය ඔහුට බර ව තිබුණ නිසා ය. ඔහු හිස කෙස් කැපූ විට එය කිරා බැලුවේ ය. ඒවායේ බර සම්මත රාජකීය මිම්ම අනුව කිලෝග්‍රෑම් දෙකක් විය. Sinhala New Revised Version ඔහු තමාගේ හිස කෙස් අවුරුද්දෙන් අවුරුද්දට කැපුවේ ය. එසේ කෙළේ, ඔහුගේ කේශ කලාපය ඔහුට බර ව තිබුණ නිසා ය. ඔහු හිස කෙස් කැපූ විට එය කිරා බැලුවේ ය. ඒවායේ බර සම්මත රාජකීය මිම්ම අනුව කිලෝග්‍රෑම් දෙකක් විය. Sinhala Revised Old Version ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය. |
ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.
අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය.
එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
“ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා.
නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.