එවිට රජ ජෝවාබ්ට කතා කොට, “මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය.
එවිට රජ යෝවාබ්ට කථාකොට: මෙන්න, මම ඒ කාරණය ඉෂ්ටකෙළෙමි. නුඹ ගොස් අබ්සලොම් යෞවනයා කැඳවාගෙන එන්නැයි කීවේය.
එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නොකරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නොකරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නොවැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.
ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, “රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය.
රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය.
වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.