ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 14:10 - Sinhala New Revised Version 2018

රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නො‍ගසන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නො‍ගසන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රජද: නුඹට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් නුඹට අතනොගසන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 14:10
3 හුවමාරු යොමු  

එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.


තෙකෝවාහි ස්ත්‍රිය කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඒ දෝෂය මා පිටත්, මාගේ වංශය පිටත් වේවා; රජු ද රජුගේ සිංහාසනය ද ඒ ගැන නිර්දෝෂ වේවා”යි කීවා ය.


එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.