ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 12:27 - Sinhala New Revised Version 2018

ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, “රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, “රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 12:27
5 හුවමාරු යොමු  

ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.


ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය.


එබැවින් මා විසින් ඒ නගරය අල්ලාගැනීමෙන් ඊට මාගේ නාමය නො‍ලැබෙන පිණිස, ඔබ ඉතිරි සෙනඟ රැස් කරගෙන නගරයට විරුද්ධ ව කඳවුරු බැඳ එය අල්ලාගත මැනවැ”යි කියන්නට නියම කෙළේ ය.


කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”