Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:27 - Sinhala Revised Old Version

27 යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, “රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, “රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:27
5 හුවමාරු යොමු  

කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න.


තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.


(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)


යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය.


එබැවින් මා විසින් ඒ නුවර අල්ලා ගැනීමෙන් ඊට මාගේ නාමය නොලැබෙන පිණිස ඔබ ඉතිරි සෙනඟ රැස්කරගෙන නුවරට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත මැනවියි කියන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්