මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.
2 සාමුවෙල් 12:12 - Sinhala New Revised Version 2018 නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’ Sinhala New Revised Version නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’ Sinhala Revised Old Version මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය. |
මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.