ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 11:1 - Sinhala New Revised Version 2018

ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 11:1
15 හුවමාරු යොමු  

සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය.


දිවැසිවරයා ඉශ්රායෙල් රජු වෙත පැමිණ, “ලබන වසන්ත කාලයේ දී සිරියාවේ රජ ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතු ද කියා කල්පනා කර බලන්නැ”යි කී ය.


ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්‍-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය.


තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය.


ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.


කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?


ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.


මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.


කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.


රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.


සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”


පිලිස්තිවරුන්ගේ අධිපතීහු වරින් වර සටනට පැමිණියහ. ඔවුන් පැමිණි සෑම අවස්ථාවක දී ම දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා උසස් ලෙස ජය ගත්තේ ය. ඒ නිසා ඔහු ඉතා කීර්තිමත් කෙනෙක් විය.