ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 10:6 - Sinhala New Revised Version 2018

තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 10:6
24 හුවමාරු යොමු  

එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.


ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.


දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය.


අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.


මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;


ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ.


තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී,


දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මිනිසුන් විසිදෙදාහක් මැරුවේ ය.


දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය.


මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා


රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;


“සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.


ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?


නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.


මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.


මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.


එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.


අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්,


ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය.


සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය.


ආකීෂ් දාවිත් කෙරෙහි විශ්වාසය තබා, “ඔහු තමාගේ ම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පිළිකුල මුළුමනින් ම තමා පිට පමුණුවාගෙන ඇති බැවින් ඔහු සෑම කල්හි ම මාගේ මෙහෙකරුවා වනු ඇතැ”යි සිතාගත්තේ ය.