Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 11:3 - Sinhala New Revised Version 2018

3 එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට යෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙප්තාට එකතුවී ඔහු කැටුව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 11:3
9 හුවමාරු යොමු  

තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය.


අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ.


තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.


විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.


එහෙත් ජුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, රස්තියාදුකාරයන් අතරෙන් සමහර මැරවරයන් කැඳවාගෙන, සෙනඟ රැස් කර, නුවර කළඹා, ජාසොන්ගේ නිවස ළඟට පැමිණ, පාවුලු සහ සීලස් ඉන් පිට කර ජනකාය මැදට ගෙන්වා ගන්නට තැත් කළහ.


මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.


ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්