එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.
2 රාජාවලිය 9:3 - Sinhala New Revised Version 2018 තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය. Sinhala New Revised Version තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය. Sinhala Revised Old Version තෙල් කුලාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට: මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකෙළෙමියි ස්වාමීන්වහන්සේ වදාරන සේක කියා, දොර හැර ප්‍රමාද නොවී පලායන්නැයි කීවේය. |
එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.
නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.
හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.
ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.
ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.
එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:
සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක.
සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න.
“මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.