හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.
2 රාජාවලිය 9:24 - Sinhala New Revised Version 2018 එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය. Sinhala New Revised Version එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය. Sinhala Revised Old Version නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය. |
හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.
“ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.
එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ තුවාළ ය”යි කී ය.
ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය.
එහෙත්, ඔව්හු අතිශයින් බිය ව කතා කොට, “බලන්න, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්නට නුපුළුවන් විය. එසේ නම්, අපි කෙසේ සිටිමු දැ”යි ඇසුවෝ ය.
පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, “ඔබ නිර්දෝෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද?
මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.