Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 13:6 - Sinhala New Revised Version 2018

6 ‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 13:6
9 හුවමාරු යොමු  

පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.


මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.


ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.”


ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ.


එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්