සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
2 රාජාවලිය 6:24 - Sinhala New Revised Version 2018 ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය. Sinhala New Revised Version ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය. Sinhala Revised Old Version ඉන්පසු සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරියෙහි විය. |
සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.
එවිට අසිරියාවේ රජ දේශය මුළුල්ලෙහි ගොස් සමාරියට පැමිණ, තුන් අවුරුද්දක් එය වටලාගෙන සිටියේ ය.
ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන,
ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.
සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.
අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ.
එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී.
මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය.
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.