Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 6:25 - Sinhala New Revised Version 2018

25 කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 6:25
14 හුවමාරු යොමු  

හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.


මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”


“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.


සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.


අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු‍. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ.


එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි.


මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය.


ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.


රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.


මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.


ඔවුන්ට කෑම ද වතුර ද නැති ව ගොස් එකිනෙකා දෙස බැලීමෙන් තැතිගෙන තමන්ගේ වරද නිසා වැහැරී යන ලෙස මම සලසන්නෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්