ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 6:1 - Sinhala New Revised Version 2018

දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 6:1
15 හුවමාරු යොමු  

දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.


ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය.


බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.


ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි.


දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පනස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය.


දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.


එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.


ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. “යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.


දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.


රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.


ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.


දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.


දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය.