එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය.
2 රාජාවලිය 5:7 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය. Sinhala New Revised Version ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය. |
එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය.
එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,
එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ.
එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය.
ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.
එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. “මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි.
එහෙත්, රජ වත්, මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝ වත් බියපත් නො වූ හ; දුකින් තමන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝ ය.
“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.
රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ.
එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය.
එහෙත් අපෝස්තුළුවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා,
ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?
බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.
මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.