එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක.
2 රාජාවලිය 5:18 - Sinhala New Revised Version 2018 මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය. Sinhala New Revised Version මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය. Sinhala Revised Old Version මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට, ස්වාමීන්වහන්සේ ඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය. |
එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ ගිවිසුමක් කරමින්, “අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොදක්වා ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට,
තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය.
එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
ඒ දවස්වල දී හා ඒ කාලවල දී ඉශ්රායෙල්වරුන්ගේ අපරාධ සොයන නමුත්, එහි කිසිවක් සම්බ නොවන්නේ ය. ජුදාගේ පාපයන් සොයන නමුත්, ඒ කිසිවක් ද සම්බ නොවන්නේ ය. කුමක් නිසා ද, මා ඉතිරි වන්නට හරින සෙනඟ කමාව ලබන බැවිනි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න.