ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 4:9 - Sinhala New Revised Version 2018

ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 4:9
14 හුවමාරු යොමු  

ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,


එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.


ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.


තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.


එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඔහු ළඟට අවුත්, “රජතුමනි, සියලු එප්‍රායිම්වරුන් වන ඉශ්රායෙල්වරුන් සමඟ සමිඳාණන් වහන්සේ වැඩ නොසිටින නිසා ඉශ්රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.


එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක.


එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න.


ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය.


එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්,


මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.


ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ අපෝස්තුළුවරු විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.