Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:9 - Sinhala Revised Old Version

9 ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:9
14 හුවමාරු යොමු  

ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.


එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.


ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.


අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.


එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.


එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.


එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.


ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි.


මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.


නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.


යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,


නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්