2 රාජාවලිය 4:7 - Sinhala New Revised Version 2018 තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය. Sinhala Revised Old Version එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය. |
එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය.
ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය.
කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.