ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
2 රාජාවලිය 3:14 - Sinhala New Revised Version 2018 එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා, Sinhala New Revised Version එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා, Sinhala Revised Old Version එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යූදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා නුඹ දෙස බලන්නේවත් නුඹ දකින්නේවත් නැත. |
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
එලියා පිළිතුරු දෙමින්, “මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.
ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය.
ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුලුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි.
ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.