තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
2 රාජාවලිය 23:19 - Sinhala New Revised Version 2018 සමාරියේ නගරවල තිබූ සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සාදන ලද ගිරිකුළු දේවාල ජොෂියා පහකොට, බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ප්‍රකාර ඒවාටත් කෙළේ ය. Sinhala New Revised Version සමාරියේ නගරවල තිබූ සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සාදන ලද ගිරිකුළු දේවාල ජොෂියා පහකොට, බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ප්‍රකාර ඒවාටත් කෙළේ ය. Sinhala Revised Old Version සමාරියේ නුවරවල තිබුණාවූ, ස්වාමීන්වහන්සේ කෝපකරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සෑදුවාවූ උස්තැන්හිවූ සියලු ගෙවල් යොෂියා පහකොට, බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල ප්‍රකාර ඒවාටත් කෙළේය. |
තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
මන්ද, ඔහු බෙතෙල්හි පූජාසනයටත්, සමාරියේ නගරවල කඳු මත පූජාස්ථානවලටත් විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ ආඥාව පරිදි කී පණිවුඩය ඉෂ්ට වනු සිකුරු ය”යි කී ය.
ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය.
තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන,
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය.
ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.
මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.
ඔම්රි රජුගේ අණපනත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”