ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය.
2 රාජාවලිය 2:23 - Sinhala New Revised Version 2018 ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය. Sinhala New Revised Version ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය. Sinhala Revised Old Version ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය. |
ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය.
තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය.
එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.
එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
“එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති. ඔවුන්ගේ පියවරු මාගේ ගව රැළ රකින බල්ලන් සමඟ නවතින්න වත් වටිත් යයි මම නොසිතුවෙමි.
මම ඔබට හඬගසමි; මම නින්දාවට පත් නොවෙම් වා! දුදනෝ නින්දාවට පත් වෙත් වා! ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!
එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.
ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.
ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.
සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.
අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.
මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.
මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති.
ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”
“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.
“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.
“ඉශ්රායෙල් සෙනඟගේ වරද නිසා ඔවුන්ට දඬුවම් කරන දවසේ දී බෙතෙල්හි පූජාසන බිඳ හෙළන්නෙමි; පූජාසනවල අං වැනි නෙරා ඇති කොන් කපාදමා බිමට හෙළන්නෙමි;
“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.
එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.
එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ.