මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.
2 රාජාවලිය 19:36 - Sinhala New Revised Version 2018 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. Sinhala New Revised Version එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. Sinhala Revised Old Version එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය. |
මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.
ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මඟින් හැරී යන්නේ ය. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ වදාරමි.
ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.
“නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.”
කැඩී ගිය අමුණකින් වතුර ගලා යන්නාක් මෙන් නිනිවයේ සෙනඟ පලා යති. “නවතින්න, නවතින්න” කියා කෑගසන නමුත්, කිසිවෙකු වත් ආපසු හැරෙන්නේ නැත.
දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.