එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. ඒ කාලයේත් සෙනඟ කඳු මත පූජාස්ථානවල පූජා ඔප්පු කොට සුවඳ දුම් පිදූ හ.
2 රාජාවලිය 15:35 - Sinhala New Revised Version 2018 එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය. Sinhala New Revised Version එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය. Sinhala Revised Old Version නුමුත් උස් තැන් පහනොකරන ලද්දේය. ඒ වන තෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැගුවේය. |
එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. ඒ කාලයේත් සෙනඟ කඳු මත පූජාස්ථානවල පූජා ඔප්පු කොට සුවඳ දුම් පිදූ හ.
ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය.
තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.
ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?