Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:35 - Sinhala Revised Old Version

35 නුමුත් උස් තැන් පහනොකරන ලද්දේය. ඒ වන තෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:35
7 හුවමාරු යොමු  

තවද ඔහු ශතාධිපතීන්ද වංශාධිපතීන්ද සෙනඟගේ ආණ්ඩුකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගියේය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජගෙට පැමිණ රජ්ජුරුවන් රාජාසනයෙහි හිදෙවුවෝය. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූහ,


නුමුත් උස් තැන් පහනොකරනලද්දේය. ඒ කාලයෙත් සෙනඟ උස්තැන්වල පූජා ඔප්පුකොට සුවඳ දුම් දැවූහ.


උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: නුඹලා එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යූදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?


ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.


එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.


යෝතාම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්