ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.
2 රාජාවලිය 14:17 - Sinhala New Revised Version 2018 ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය. Sinhala New Revised Version ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය. Sinhala Revised Old Version යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ගේ මරණයෙන් පසු යෝවාෂ්ගේ පුත්‍රවූ යුදයේ රජවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්වුණේය. |
ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.
ජෙහෝවාෂ් ද මියගිය පසු සමාරියෙහි ඉශ්රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය.
ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය.
ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.