Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 13:10 - Sinhala New Revised Version 2018

10 ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යූදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:10
8 හුවමාරු යොමු  

ජෙහෝවාහාස් ද මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝවාෂ් ඔහු වෙනුවට රජ විය.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඉවත් නොවී ඒවායේ හැසුරුණේ ය.


ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය.


සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.


ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.


අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය.


ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය.


මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්