එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි.
2 රාජාවලිය 11:2 - Sinhala New Revised Version 2018 එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී. Sinhala New Revised Version එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී. Sinhala Revised Old Version නුමුත් යෝරාම් රජුගේ දුවූ අහසියාගේ සහෝදරීවූ යෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ්ද ඔහුගේ කිරිමවද යහන්ගෙට හොරෙන් ගෙනගියාය; ඔහු මරනු නොලබන ලෙස ඔව්හු අතලියාගෙන් ඔහු සැඟෙවුවෝය. |
එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි.
ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය.
මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය.
එසේ වී නමුත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රට පාලනය කරන බවට පොරොන්දු වූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්නට අකමැති වූ සේක.
එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය.
එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය.
මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”
ඉශ්රායෙල්හි රජ වන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනකු නැඟී එන බවට මම පොරොන්දු වෙමි.
එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත.
“මා එය ස්ථිර ලෙස කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත්, මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟත් මා කළ ගිවිසුම මම නොකඩවා ස්ථිරව ම පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද ජාකොබ්ගෙන් ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරාගතිමි. මාගේ සෙනඟ මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මම ඔවුන්ට අනුකම්පා කරන්නෙමි.”
“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.
රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.