Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 12:1 - Sinhala New Revised Version 2018

1 ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යේහුගේ සත්වෙනි අවුරුද්දේදී යෙහෝවාෂ් රජවී යෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශිබියාය, ඈ බෙයාර්-ෂෙබාහි කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 12:1
9 හුවමාරු යොමු  

ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය;


ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.


ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.


පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.


ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය.


ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්