ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:25 - Sinhala New Revised Version 2018

තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:25
10 හුවමාරු යොමු  

එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.


දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.


එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.


“සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.


මෝසෙස් ඔවුන් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘සෑම කෙනෙකු ම තම කඩුව ගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින්, තම සොහොයුරන් ද මිතුරන් ද අසල්වැසියන් ද මරාදමන්න’ කියා වදාරන සේකැ”යි පැවසී ය.


එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.