භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
2 තෙසලෝනික 3:10 - Sinhala New Revised Version 2018 “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. Sinhala New Revised Version “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. සිංහල කාලීන පරිවර්තනය මන්ද: “වැඩ කරන්නට අකමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු. Sinhala Revised Old Version මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව. |
භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
තවද උන් වහන්සේ කතා කරමින්, “මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක.
තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.” “මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි.
ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය.
අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය.
ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.