තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි.
2 කොරින්ති 5:3 - Sinhala New Revised Version 2018 මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. Sinhala New Revised Version මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. සිංහල කාලීන පරිවර්තනය ඇත්තෙන්ම අප එය පැලඳගත් කල, අප නග්නව සිටින වගක් නො පෙනෙනු ඇත. Sinhala Revised Old Version මෙසේ වූ කල්හි අපි පළඳනලදුව, නග්නව සිටිනවා දකිනු නොලබමුව. |
තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි.
කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය.
“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි.