Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 5:4 - Sinhala New Revised Version 2018

4 කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මඟින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:4
8 හුවමාරු යොමු  

මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.


ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි. වියන්නා, යන්ත්‍රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.


එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු.


මෙන්න, මම ඔබට අබිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල,


මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු.


මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු.


මා ජීවත් ව සිටින තුරු, මේ දේවල් ඔබට සිහිගැන්වීම මාගේ යුතුකම යයි මම සිතමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්