ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 3:16 - Sinhala New Revised Version 2018

එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 3:16
13 හුවමාරු යොමු  

එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය.


මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.


ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.


නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.


‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.


අවිශ්වාසයෙහි නොපැවතුණොත් ජුදෙව්වරුන් ද බද්ධ කරනු ඇත. ඔවුන් නැවත බද්ධ කිරීමට දෙවියන් වහන්සේට පුළුවන.


සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත.


එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි.


දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,